ගෑස් සමාගම් බංකොලොත් | රටටම ගෑස් නැති වීමේ අවදානමක්

දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ධ ගෑස් සමාගම් සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි ද පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604ක් ලෙස වාර්තා විය.

මේ තත්ත්වය හේතුවෙන් ගෑස් සමාගම් දෙකම තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාබයක් ලබන අතරම ඒ හේතුව නිසා මෙම සමාගම් දෙක මසකට රුපියල් බිලියන 1.6ක පමණ දැවැන්ත අලාබයක් ලබන බව පැවසේ.

මේ හේතුවෙන් ගෑස් සමාගම් සඳහා ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් වත් සපයා ගත නොහැකි වීම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමේ නොහැකියාවකට ගෑස් සමාගම් දෙකම පත්ව ඇතැයි පැවසේ.

රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවදානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් මෙන්ම, වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සදහා අවශ්‍ය ගෑස් සැපයුම අඩාලවීමේ දැඩි අවදානමකට ලක්වනු ඇතැයි වාර්තා වේ.

Laugfs ගෑස් සමාගම LP ගෑස් සිලින්ඩරක මිල ඉහල දැමීමට පසුගිය 10 වැනිදා පාරිභෝගික සේවා අධිකාරියෙන් කරන ලද ලිඛිත ඉල්ලීම පහත දැක්වේ.