වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය , දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට ඔවුන් අදහස් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“එක පුද්ගලයාට වැලි බලපත්‍ර 75ක් 100ක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ තත්ත්වය වෙනස් කරලා ලබන සතියේ සිට සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරනවා. ජාවාරම්කාරයින්ගෙන් වැලි කර්මාන්තය ඉක්මණින්ම බේර ගන්නවා. ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරනවා. ඇස්බැස්ටෝස් ඉවත් කිරීම ක්‍රමානුකූලව අදියරෙන් අදියර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇස්බැස්ටෝස් පරිසරයටත් සෞඛ්‍යටත් අහිතරකයි.