අසාද් සාලි අත්අඩංගුවට ගන්න CIDයෙන් පරීක්ෂණ
ජාතිවාදය ඇවිස්සීමේ ප‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික සමඟි පෙරමුණේ නායක මොහොමඩ් අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පස් දෙනෙකු පත්කර තිබේ.
තමන් රටේ සාමාන්‍ය නීතියට ගරු නොකරනවා සහ යටත් නොවන බවත්, තමන් ගරු කරන්නේ මුස්ලිම් නීතියට සහ ෂරියා නීතියට පමණක් බවත් පසුගිය 09 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසාද් සාලි පවසා ඇත.
ජාතිවාදය ඇවිස්සෙන සුළු ප‍්‍රකාශ මාධ්‍ය ඉදිරියේ නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අසාද් සාලි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලැබී තිබේ.