සීනි වංචාව ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ලබන 23 විශේෂ ප්‍රකාශයක්

සීනි ආනයන බදු පහත හෙලීම තුළින් රජයට අවාසියක් සිදුවූවේ යැයි කියන සිද්ධිය පිළිබදව මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබන 23 වන දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අමාත්‍යාංශ නිවේදන යටතේ සිදුකරන එම ප්‍රකාශය මගින් මෙම සිද්ධිය පිළිබද සම්පූර්ණ විග්‍රහයක් සහිතව විපක්ෂය නගන ප්‍රශ්නවලට ප්‍රතිචාර ලබාදීමට ද ඔහු අපේක්ෂා කරනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!