දහසට එරෙහිව අධිකරණයට ගිය වතු සමාගම්වලට මුහුණ දෙන්න ඇමති නිමල් සූදානමින්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව වතු සමාගම් 20ක් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආගරපතන වැවිළි සමාගම, ඇල්පිටිය වැවිළි සමාගම ඇතුළු වැවිළි සමාගම් 20 ක් විසින් ඊයේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, තේ කර්මාන්තය පිළිබඳ පඩි පාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කරමින් ඔවුන් දැනුම් දී ඇත්තේ රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් වතු කර්මාන්තය අර්බුදයකට ලක්විය හැකි බවයි.

එමෙන්ම, වතු සමාගම් රජයට විශාල වශයෙන් බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, මෙම වැටුප් වැඩිකිරීම තුළින් සමාගම් තවදුරටත් අපහසුතාවට පත්විය හැකි බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.