රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරඟාවලියේ ඉන්දියාව පෙරමුණට
ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ආරාධිත විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ ප්රසාද ලකුණු සටහන අනුව පෙරමුණේ සිටි ශ්රී ලංකාව දෙවැනි ස්ථානයට පත්වී තිබෙනවා.
ඒ, පසුගිය වසරේ මෙම තරඟාවලිය කොරෝනා වසංගතය නිසා නතර කිරීමට පෙර පැවැත්වූ තරඟයකින් ශ්රී ලංකා ක්රිකට් ප්රවීනයන් ඉන්දීය ප්රවීනයන්ට පරාජය වී තිබීම හේතුවෙන්.
මෙතෙක් තරඟ 6කට මුහුණ දී ජයග්රහණ 5 බැගින් අත්කර ගැනීමට ශ්රී ලංකා සහ ඉන්දීය ප්රවීන කණ්ඩායම් සමත් වී ඇති අතර දෙපිලටම ප්රසාද ලකුණු 20 බැගින් හිමි වී තිබෙනවා.
එමෙන්ම ලකුණු රැස් කර ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් සිටින්නේ ශ්රී ලංකාවයි.
එහෙත් තරඟාවලියේ නීතිරීති අනුව එකිනෙකාට එරෙහි ජයග්රහණ සැලකීම හේතුවෙන් ලකුණු සටහනේ මුල්තැන ලබාදී ඇත්තේ ඉන්දියාවටයි.