ඉන්දීයා – එංගලන්ත තරඟය, ප්‍රේක්ෂකයින්ට අවසර නැහැ
සංචාරක එංගලන්ත පිළ සහ ඉන්දියාව අතර තුන් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
මෙතෙක් පැවති තරඟ දෙකෙන් කණ්ඩායම් දෙකම එක් ජයග්‍රහණය බැගින් ලබා සිටීම නිසා මෙම තරඟය තීරණාත්මක වනු ඇති.
එමෙන්ම, අද පැවැත්වෙන තරඟය සහ ඉදිරි තරඟ දෙක සඳහා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාවක් ලබා නොදීමට ගුජරාට් ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ යාම හේතුවෙන්.
මේ නිසා කඩ සාප්පු, අවන්හල් සහ රාත්‍රී කාලයේ වසා දැමීමට අහමදාබාද් නාගරික සංස්ථාව ඊයේ නියෝග කළා.
ඉදිරි තරඟ සඳහා අලෙවි කළ ප්‍රවේශ පත්‍ර ගාස්තු යළි ගෙවීමට ද ගුජරාට් ක්‍රිකට් සම්මේලනය එකඟ වී තිබෙනවා.