කිම් ජොන් අන්ගේ සොහොයුරියගෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩ්න් පරිපාලනයට උතුරු කොරියාව අද අනතුරු ඇගවීමක් සිදුකළා.
එම ප්‍රකාශය සිදුකළේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලගතු සොහොයුරිය කිම් යෝ ජොන් විසින්.
උතුරු කොරියානු රජයේ නිළ පුවත්පතෙහි පළ කර ඇති ඇගේ ප්‍රකාශයට අනුව ඇමරිකාවේ නව පරිපාලනයට අනතුරු අගවා ඇත්තේ තම භූමිය තුළ වෙඩි බෙහෙත් දුගද පැතිර වීමට කටයුතු නොකරන ලෙසයි.
මෙහිදී ඇය දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධව පවත්වන යුද අභ්‍යාස ඉලක්ක කරගෙන තිබෙනවා.
ඉදිරි සිව් වසර තුළ සාමයෙන් සැතපීමට නම් මුල් පියවරක් ලෙස එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස කිම් යෝ ජොන් කියා සිටියා.
ඇය මෙම ප්‍රකාශය සිදුකළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ දකුණු කොරියානු සංචාරයට දිනක් තිබියදියි.
මේ වන විට ඔහු ජපානයේ සංචාරයක නිරත වනවා.