විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි
මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙම විරෝධතාවයේදී කියා සිටියේ කඩිනමින් විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා පවත්වන බවයි.
මේ වනවිටත් විශ්වවිද්‍යාල තුළ විභාග කටයුතු සිදුවන බවද ඔහු සඳහන් කළා.