2016 බැඳුම්කර වංචාවට, රවී කරුණානායක ඇතුළු 8 ක් රිමාන්ඩ්
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 08 දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයී.
දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉසුර්දීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා.
මෙහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර, රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනයි.
ඊට අමතරව එම සමාගමේ අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, තිස්ස රන්ජන් හුළුගල්ලේ සහ මුතුරාජා සුරේන්ද්‍රන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සංගරපිල්ලේ පදුමනාදන්, සේවක අර්ථ සාධක අරමුදලේ විධායක නිලධාරියෙකු වූ ඉන්දික සමන් කුමාරද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.