අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකයන් වර්ජනයක

අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය රියදුරන් සහ නියාමකයින් අද දහවල් ආරම්භ කළ හදිසි වර්ජනය මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එතෙක් කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළා.

වර්ජනය ආරම්භ කල වෘත්තීය සමිති සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවති අතර දුම්රිය වෘත්තීය සමිති සඳහන් කලේ එම සාකච්ඡාවද අසාර්ථක බවයි.