මානව හිමිකම් කොමිසමේ සීමාව ඉක්මවූ යෝජනා නිසා අවදානමක් – විදේශ ලේකම්ගෙන් හෙළිදරව්වක්

ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ඉදිරිපත් කර ඇති යෝජනාව හරහා අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළා.

ජිනීවා යෝජනාව, මානව හිමිකම් සහ භූ දේශපාලන බලහත්කාරකම් යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම සංවාදයට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායකද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ මෙරට පාලකයින් හෝ හමුදා ප්‍රධානීන් විදුලි පුටුවට ගෙන යා හැකි බවට වන මතය මිත්‍යාවක් බවයි.