මනෝජ් බජ්පායිටත් ‘කොවිඩ්’

දක්ෂ සිනමා රංගන ශිල්පියෙකු වන මනෝජ් බජ්පායිටත් මේ වනවිට ‘කොවිඩ්’ ආසාධනය වී ඇතැයි වාර්තා වෙයි. මීට දින කිහිපයකට පෙර කළ වෛද්‍ය වාර්තාවලින් පසුව ඔහුට රෝගය වැළඳී ඇති බව සනාථ වී තිබේ.

ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ඩෙස්පැච්’හි රූපගත කිරිම්වලට පසුගිය සති කිහිපයේදිම මනෝජ් සම්බන්ධව සිටි අතර, එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට ‘කොවිඩ්’ ආසාධනය වීමෙන් පසුව කළ පරික්ෂණවලදී මනෝජ්ටද එය වැළඳී ඇති බව තහවුරු වී ඇත. මේ වනවිට ඔහු සිය නිවසේ ස්වයං නිරෝධානය වෙමින් සිටියි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!