අගමැති හෙට බංග්ලාදේශයට

දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීම සිදුවේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම මෙම සංචාරය තුළ දී කෘෂිකර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව වැනි විවිධ අංශයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!