සුනාමි සිනමාපටයට තවත් අන්තර්ජාතික සම්මානයක්
රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්රපටය ඉන්දියාවේ රිෂිකේශ් නුවර පැවති පිකාසෝ අයිස්ටයින් බෞද්ධ අන්තර්ජාතික සිනමා තරග උළෙලේ වසරේ විශිෂ්ටතම සිනමාපටය සඳහා වන සම්මානය දිනාගෙන තිබේ. මෙම සිනමා සම්මාන තරග උළෙලේ පළමු අදියර ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භවිය. සුනාමි චිත්රපටය සම්මානයට පාත්රව ඇත්තේ එහි දෙවැනි අදියරේදී සම්මාන කාණ්ඩ 50 ක් යටතේ තරග වැදුණු නිර්මාණ අභිබවමිනි.
උළෙල නියෝජනය කළ සියලූම චිත්රපට මෙම සම්මානය ලබාදීමේදි සලකා බලා ඇති අතර සුනාමි චිත්රපටය සමග තවත් සිනමාපට දෙකක් වසරේ විශිෂ්ටතම සිනමාපටය සඳහා සම ජයග්රාහයකයන් ලෙස මෙහිදී සම්මානයට පාත්රව ඇත. දීර්ඝ, කෙටි, වාර්තා, සජීවිකරණ චිත්රපට සහ වෙළෙඳ දැන්වීම, ටී වී සීරීස් වැනි නිර්මාණ සඳහාද මෙම උළෙලේ සම්මාන පිරිනැමෙන අතර ඒ අනුව සම්මාන 201 එම නිර්මාණ කරණයේ විශිෂ්ටයන්ට හිමිව ඇත.
සුනාමි චිත්රපටයට ලැබුණු මෙම සම්මානයත් සමග අන්තර්ජාතික සිනමා උළෙලයන් දෙකක් නියෝජනය කරමින් එය සම්මාන පහක් හිමිකරගැනීමට සමත්ව ඇත. ඒ ඩ්රක් සිනමා උළෙලේදී Winner – Best Cinematography විශ්වා බාලසූරිය, Outstanding Achievement
Award for Best Director සෝමරත්න දිසානායක, Outstanding Achievement Award
for Best Actress නිරංජනී ශන්මුගරාජා, Critics’ Choice Award for Narrative Feature වශයෙන් ඔවුන් ලබාගත් සම්මාන සමගය.
සුනාමි සිනමා පටය එළඹෙන 21 දා සිට 24 දක්වා නයිජීරියාවේ පැවැත්වෙන බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි කාණ්ඩය යටතේ සහ ජනප්රිය කාණ්ඩය යටතේ සම්මාන 07 සඳහාද නිර්දේශ වී ඇත.