බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්
බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක මහතා පැවසුවේ හඳුනාගත් විශේෂ බන්ධනාගාර සදහා CCTV පද්ධති කඩිනමින් සවි කිරීමට උපදෙස් ලැබී ඇති බවය.
ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ කාන්තා අංශය, මීගමුව, මහර සහ කළුතර බන්ධනාගාරවල නුදුරු දිනකදී CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි හෙරොයින් යැයි සැකසහිත කුඩා ඇසුරුම් 12ක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අද (18) සොයාගෙන ඇත.
අමුත්තන් බැලීමට පැමිණෙන පිටස්තර පුද්ගලයින් සෝදිසි කරන ස්ථානයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
රැඳවියාට ලබාදීමට රැගෙන ආ ඩෙනිම් කලිසමක වාටියේ සඟවා තිබූ 14cmක් දිග හෙරොයින් යැයි සැක කළහැකි ද්‍රව්‍ය අඩංගු කුඩා ඇසුරුම් 11ක් සහ 9cmක් දිග කුඩා ඇසුරුමක්ද මෙලෙස සොයාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු සහ අදාළ ඇසුරුම් බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.