සයිෂා දෙවැනි විවාහ සංවත්සරය සමරයි

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි සයිෂා සයිගාල් සිය දෙවැනි විවාහ සංවත්සරය පසුගිය මාර්තු 10 වැනිදා සමරනු ලැබීය. ඒ ඇයගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ආර්යා සමගය. 2019 වසරේ මාර්තු 10 වැනිදා විවාහ දිවියට එක්වු සයිෂා මේ වනවිට සිනමා රංගනයෙන් තාවකාලිව ඉවත්ව සිටින බව වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට ඇය ඉදිරියේදී සිය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ තම සැමියා රංගනයෙන් දායක වන චිත්‍රපට හරහා පමණක් බව වාර්තා වෙයි. ඇය 2019 වසරේ තිරගත වූ ‘කාප්පන්’ හා හා ‘ගජිනිකාන්ත්’ චිත්‍රපටවල පෙනී සිටියේද සිය සැමියා වූ ආර්යා සමගය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!