හෙරොයින් ජාවාරමේ නියුතු බන්ධනාගාර නියාමකයෙක් යාපනේදී අත්අඩංගුවට ..

කලක සිට හෙරොයින් ජාවාරමේ නිතර වන බන්ධනාගාර නියාමකවරයකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා සන්තකයෙහි තිබී රුපියල් 360,000ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 45ක් හමුවී ඇති අතර ඔහු තම නිල ඇඳුමට මුවා වෙමින් කලක් තිස්සේ මෙම හෙරොයින් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් ඔත්තුවකට අනුව යාපනය සුරාබදු කාර්යාලයේ නිලධාරීන් මෙම වැටළීම සිදුකර ඇත.