ඇමෙරිකානු රාජ්ය ලේකම් හදිසියේම ඇෆ්ගනිස්ථානයට
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඊයේ (21දා) ඇෆ්ගනිස්ථානයේ අනපේක්ෂිත සංචාරයක් නිම කළ අතර, පෙන්ටගනය පැවසුවේ පසුගිය වසරේදී තලේබාන් සංවිධානය සමග ඇති කරගත් එකඟතාවක් යටතේ වොෂින්ටනය සිය අවසන් හමුදා ඉවත් කර ගැනීමට සති කිහිපයකට පෙර මෙය සිදුවූ බවයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පත්වී සතියකටත් අඩු කාලයකදී ඔස්ටින්, ජනාධිපති අෂ්රෆ් ඝානි සමඟ සාකච්ඡා පැවැත්වූයේ සම්පූර්ණ හමුදා ඉවත්කර ගැනීම මැයි 01දා නියමිත දිනට එළැඹීම දුෂ්කර බවය.
කෙසේ වෙතත් නියමිත කාල සීමාව සපුරා නොගතහොත් වොෂින්ටනයට ප්රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට තලේබාන් අනතුරු ඇඟවීම ගැන විමසූ විට ඔස්ටින් පැවසුවේ එය එක්සත් ජනපද හමුදාවන්ට දරාගත හැකි බව තමාට විශ්වාස බවයි.
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හා නේටෝ හමුදාවන්හි අණදෙන නිලධාරී ජෙනරාල් මිලර් ගැන සඳහන් කරමින් ඔස්ටින් පැවසුවේ සිය හමුදා ආරක්ෂා කිරීමට ඔහුට ඇති හැකියාව ගැන තමාට විශාල විශ්වාසයක් පවතින බවය.
තලේබාන් සහ වොෂිංටන් අතර ඇති කරගත් එකඟතාව යටතේ කැරලිකරුවන් ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සමඟ සාම සාකච්ඡාවල නිරත වන බවට ප්රතිඥා දුන් නමුත්, එහි සුළු ප්රගතියක් ලබා ඇති අතර සටන් වඩාත් නරක අතට හැරී තිබේ.
2003 සැප්තැම්බර් සිට 2005 අගෝස්තු දක්වා ඇෆ්ගනිස්ථානයේ කොටසද අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළ හිටපු වෘත්තීය සොල්දාදුවෙකු වූ නව පෙන්ටගනයේ ප්රධානියා හෙවත් ආරක්ෂක ලේකම් ආසියාවේ සංචාරයක් අතරතුර මෙසේ හදිසියේ ඇෆ්ගනිස්තානය වෙත ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.