පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා
පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා තවදුරටත් සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දිවයින පුරා වෙළඳසැල් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.
ඊයේ දිනයේ අදාළ පොල්තෙල් ගෙන්වා ඇති ප්‍රධාන සමාගම් දෙකේ සාම්පල පරීක්ෂාවට ලක් කිරීම සඳහා ලබා ගත් බවද ඔහු සඳහන් කළා.
ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් මෙටි්‍රක් ටොන් 8000 ක් පෙරේදා රාත්‍රියේ කොළඹ වරායෙන් මුදා හැර ඇති බව වාර්තා වුණා.
ඒ ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක් සඳහා සිදුකළ පරීක්ෂාවකදී ඒවායේ පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වී ඇති පසුබිමකයි.
ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොක්සීන්ස් නම් පිළිකා කාරකය අඩංගු බවට පෙරේදා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මුල්වරට අනාවරණ කළා.