කුඹුක්කන්ඔය ජලාශයට යටවන අක්කර 900ක ඉඩමේ මැණික් නිධිය ගොඩ ගැනීමට සැරසේ
කුඹුක්කන් ඔය ජලාශයට යටවන අක්කර 900 ක භූමියේ පවතින මැණික් නිධිය ගොඩගැනීම සඳහා වන කටයුතු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මුල් සතිය වනවිට බඩල්කුඹුර ප්‍රදේශය ආශ්‍රිතව පවතින එම භූමියේ මැණික් ගොඩගැනීම සඳහා බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකරන බවයි එහි සභාපති තිලක් වීරසිංහ කියා සිටියේ.
මේ අතර, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ කළු ගඟේ මැණික් නිධියකින් රත්‍රං හමුවී ඇති බව මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර – කළුගඟ – හැරනියාවක ප්‍රදේශයේ දියත්කර තිබුණු මැණික් ගැරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි.