ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාදය අපට බලපෑමක් නැහැ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තොග ඇති බැවින් එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දීය රජය ගත් තීරණය දැඩි බලපෑමක් සිදු නොකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ඇණවුම් කර ඇති බවත් එය මෙරට දෙවන එන්නත් මාත්‍රාව දීම සදහා ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!