PCR පරීක්ෂණ අඩු කරලා – GMOA

කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් -19 තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුව නියමිත පරිදි  PCR පරීක්ෂණ සිදුවනවාද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“යම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් PCR අඩුවීමත් එක්ක රෝගීන් අඩුවූ බවට. අඩුම තරමින් අවදානම් ප්‍රදේශවල මේක කෙරෙන්න අවශ්‍යයි. ඒ වගේම පළමු පෙළ ස්පර්ශකයින් සම්බන්ධයෙන්. අපි ඉල්ලලා තිබුණේ PCR 15,000ක් පවත්වාගෙන යමු කියලා. එහි යම් අඩුවීමක් පේන්න තියෙනවා.”