පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමවෙයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වූවා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 169ක් රැස්කළා.
එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Jason Holder කඩුලු 5ක් දවාගත්තා.
අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි කොදෙව් ඉනිම ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් කඩුලු 5ක් දවාගත්තා.
දෙවන ඉනිම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිම කළේ කොදෙව් කණ්ඩායමට ලකුණු 375ක ඉලක්කයක් ලබාදෙමින්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 476ක ඉනිම ශක්තිමත් කළ කෝඩුකාර පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 103ක් රැස්කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 96ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම තරඟයේ අවසන් දිනය නිමා වනවිට ලකුණු 236ක් රැස්කරගැනීමට සමත් වූවා.
එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ Nkrumah Bonner නොදැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියා.
පළමු ටෙස්ට් ගැටුමේ වීරයා වූ Nkrumah Bonner මේ වනවිට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරඟ 3කට එක්වී ඇති අතර ඔහුගේ හොඳම ලකුණු සංඛ්‍යාවද ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ ලකුණු 113යි.
කොදෙව් කණ්ඩායමේ නවක පිතිකරුවෙක් වූ ඔහු තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.
තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.