විදුලි බලාගාර ඉදිකිරිම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති යෝජනා කැදවයි

ලංකා විදුලිබල මණ්ඩලය මගින් දියත් වන විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙත පෞද්ගලික අංශයේ ව්‍යාපෘති යෝජනා කැදවීම ආරම්භ කර තිබෙනවා.

ඉදිරි වසර 20 සඳහා මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ අරමුණ ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කිලෝවොට් 75ක ධාරිතාවෙන් යුත් මෙම බලාගාරය ඉදිකිරීමේ කටයුත්ත මගින් මේ වන විට සියයට 11ක පමණ ප්‍රමාණයක් සාර්ථක වී ඇති අතර, 2030 වන විට දී සියයට 40 ක ඉලක්ක සපුරා ගැනීමට සූදානම් බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.