මුම්බායි නුවර රෝහලක ගින්නකින් 6 දෙනෙකු මරුට
ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර සිදුකරන පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න ඇති වන අවස්ථාවේදී එහි 70 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.