චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කෙරේ
තමන් පුහුණුකරු ධුරයෙන් ඉවත්වන බවට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදුන් ලිපිය ඉවත් කර ගැනීමට චමින් ද වාස් කටයුතු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ ක්වෙන්නේ.
චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක්වීම ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගත පෙරමග ලකුණු සටහන් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව, ඔහු තවදුරටත් ක්‍රිකට් උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ වේගපන්දු උපදේශක ලෙස කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
කොදෙව් සංචාරයේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුවයි ඔහු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළේ.
මේ අතර, දක්ෂතා පදනම් කර ගනිමින් නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමක් මේ වනවිට සකස් කර අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.