ආගමික හෝ වාර්ගික හෝ පදනමකින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අහෝසි
ආගමික හෝ වාර්ගික හෝ පදනමකින් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 23දා රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම්, ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර, ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන්.