යාපනය රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකටත් කොවිඩ්

යාපනය රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) දින තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට එම පිරිස නිරෝධායනය සඳහා යොමුකර තිබෙන අතර රෝහල් පරිශ්‍රයද විෂ බීජ හරණය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් රෝහලේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීම සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයක් පමණක් පැමිණෙන ලෙසද රෝහල් බලධාරීන් විසින් දැනුවත් කර තිබේ.

මේ වන විට යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම වැඩිවී ඇති හෙයින් දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පැනවීමටද කටයුතු කර තිබුණි.

දිවයින පුරා මේ වන විට හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් 91561ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.