යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් අප්‍රේල් 5 වෙනිදා දක්වා වසා දැමේ

යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අප්‍රේල් මස 5 වෙනිදා දක්වා වසා තැබීමට යාපනය කොරෝනා මර්දන කමිටුව අද (28) තීරණය කළ බව එහි සභාපති හා යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා පවසනවා.

එමෙන්ම යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පාල්පන්නයි ගම්මානය හුදෙකලා කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම තීරණය ගෙන ඇත්තේ යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා යාපනය දිසාපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද සාකච්ඡාවකදීයි..

යාපනයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබුණා.