යශ්ගේ අලුත් චිත්රපටයට කෝටි 100ක බජට් එකක්
කන්නඩ සුපිරි චිත්රපටයක් වූ KGF චිත්රපටය හරහා ඉහළ රසික ප්රතිචාර දිනාගත් යශ් මේ වනවිට තවත් විශාල වියදමක් දරා නිර්මාණය කරන්නට නියමිත අලුත් කන්නඩ චිත්රපටයක් සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කොට ඇත. වර්තාවන අන්දමට එහි නිෂ්පාදිත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි බව සඳහන් වෙයි.
එය මේ වසරේ අවසානයේදී ප්රදර්ශනය කිරිමට නියමිත බව සඳහන් වෙයි. යශ් රඟන KGF දෙවැනි චිත්රපටයේ ප්රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබු අතර, එයට ඉහළ රසික ප්රතිචාරද හිමි විය. එළැඹෙන ජුලී 16 වැනිදා මෙම චිත්රපටය තිරගත වීමට නියමිතව ඇත.