කටුනායක ගුවන්තොටුපලේ කොවිඩ් රසායනාගාරය ඉවත් නොකරන ලෙස ජනපතිගෙන් නියෝග

මතබේදයට තුඩු දුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුතින් පිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදීයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ රසායනාගාරය එතැනින් ඉවත් කර එහි ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා සෞක්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක්ද කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ සෞඛ්‍ය වෘත්තිකයන් ඉල්ලා සිටියේ ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙසයි.

මේ සම්බන්දයෙන් අප රජයේ රසායනාගාර තාක්ෂණ වේදීන්ගේ සංගමයේ රවී කුමුදේශ්ගෙන් කල විසීමකදී ඔහු කියා සිටියේ අදාල තීරණය සම්බන්දයෙන් තමන් සතුටට පත් වන නමුත් මේ දක්වා සිය සංගමය කල ඉල්ලීම් වලට තවමත් බලදාරින්ගෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බවටයි.

මෙම රසායනාගාරය තවදුරටත් සුදු අලියකු බවට පත් නොකර ඒ හරහා මෙරටට ලබා ගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට බලදාරින් දැන්වත් කටයුතු කල යුතු බවටයි ඔහු වැඩි දුරටත් පවසුවේ.