රවී ඇතුලු හයදෙනා හෙට දක්වා රිමාන්ඩ්
2016 වසරේ මාර්තු මස 31 වනදා සිදුවූ බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හයදෙනා හෙට දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට ප්‍රකාශයට පත් කරන බවයි මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.