ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ ලෙබනන් ජාතිකයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරට සංචාරයකට පැමිණීමට උත්සාහ කළ ලෙබනන් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම මොහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.
එහිදී නිශ්කාශන කටයුතු සිදුකිරීම සඳහා මොහුගෙන් ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරින් ඉල්ලූ අවස්ථාවේදී ඉදිරිපත් කර ඇත්තේ මෙක්සිකෝ ජාතිකයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක්.
එය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගුවන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතිය මගින් නතර කර ඇති බවයි.
පසුව ඔහුගේ ගමන් මළුවල තිබී ලෙබනන් ජාතික ගුවන් බලපත්‍රය ද සොයා ගෙන තිබෙනවා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ යුරෝපය, උතුරු ඇමරිකානු, අග්නිදිග ආසියානු සහ දකුණු ආසියානු රටවල ඔහු සංචාරය කර ඇති බවයි.
ඒ අනුව සැකකරු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි ඩුබායි වෙත පිටුවහල් කර තිබෙනවා.