මද්දකට හසුවූ කඳුකර කොටියා මියයයි
මද්දකට හසුවී සිටියදී බේරාගත් කඳුකර කොටියා මියගොස් තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ උදර ප්‍රදේශයට දැඩි තුවාල සිදුවී තිබීම හේතුවෙන් කොටියා මරණයට පත්ව ඇති බවයි.
අවුරුදු 10ක පමණ වයසකින් යුත් අඩි 8ක් පමණ දිග හොඳින් වැඩුණු මෙම කොටියා දඩයම්කරුවන් විසින් අටවා තිබූ මද්දකට හසුවී සිටියදීයි පසුගිය 24 වනදා බේරා ගැනුණේ.
නිර්වින්දනය කර මුදා ගැනුණු කොටියා රන්දෙණිගල පශූ වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා.
මෙම කොටියා මද්දට හසුවූ ප්‍රදේශයේ සහ ඒ අවට රක්ෂිතය තුල දඩයම්කරුවන් විසින් අටවා තිබූ මදු විශාල ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට නුවරඑළිය වනජීවී කාර්යාල නිලධාරීන් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වසරේදි මන්දකට හසුවීමෙන් මධ්‍යම කඳුකරයේ මියගිය පළමු කඳුකර කොටියාද වන්නේ මෙම සත්වයායි.
පසුගිය වසරේදී මධ්‍යම කඳුකරයේ මදුවලට හසුවීමෙන් පමණක් කඳුකර කොටින් 13 දෙනෙකු මියගොස් තිබුණා.