ජාත්‍යන්තරයේ මෙරට මැණික් සහ ස්වර්ණාභරණ සඳහා ඉහල ඉල්ලුමක්

ජාත්‍යන්තර වෙළඳපොලේ දේශීය මැණික් හා ස්වර්ණාභරණ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුවට එක්වෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඔහු කියා සිටියේ ඉදිරි වසර තුන ඇතුළත මෙරටට පැමිණෙන සංචාරකයින්ට මැණික් හා ස්වර්ණාභරණ සැපයීම තුළින් ඩොලර් බිලියනයක මුදලක් මෙරට ආර්ථිකයකට එක් කරගත හැකි බවයි.

ඔපදමන මැණික් අපනයනය වෙනුවට නිමකරන ලද ස්වර්ණාභරණ නිෂ්පාදනය වැඩි කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.