පොඩි ලැසී ගැන ‘ජනපතිගෙන් ඉල්ලූ’ අවසරය
හික්කඩුවේ පොඩි ලැසී නමැති අපරාධකරු රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයාගෙන් විශේෂ අවසරයක් ඉල්ලා තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළා.
පොඩි ලැසී නමැති සැකකරු විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ද මෙම පොඩි ලැසී නමැත්තා සමග එක්වී මත්ද්‍රව්‍ය හා ආයුද ජාවාරම් කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.