විදුලිබල මණ්ඩලය කොටස් වෙළඳපොලට

ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ කොටස් වෙළඳපොල හරහා බැඳුම්කර නිකුතුවක් ඉදිරිපත් කිරීමට සැරසෙනවා.

පස් වසරකින් කල් පිරෙන එම බැඳුම්කර මිලියන 100 ක් කොටස් වෙළඳපොලට නිකුත් කරන අතර, ඒ සඳහා වාර්ෂිකව සියයට 9.35 ක පොලියක් හිමිවනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමඟින් රුපියල් බිලියන විස්සක් උපයා ගැනීම විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාවයි.

විදුලිබල මණ්ඩලයේ බැඳුම්කර අප්‍රේල් 8 වනදා වෙළඳපොලට නිකුත් කෙරෙනවා.

විදුලිබල මණ්ඩලය මෙලෙස බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ප්‍රථම වතාවටයි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට පසු කොළඹ කොටස් වෙළඳපොල හරහා බැඳුම්කර නිකුතුවක් සිදුකරන දෙවන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනය විදුලිබල මණ්ඩලයයි.