මහ සිකුරාදා දිනය අදයි
මීට සහශ්‍ර දෙකකට පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබූ දිනය ලොව පුරා කිතුනුවන් අද අනුස්මරණය කරනු ලබනවා.
පාස්කු සමයේ අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ කූටප්‍රාප්තිය එළඹෙන 40 වන දිනයේ උපවාසයෙන් සහ කැපකිරීම්වලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කන්ද මත සිදුකළ ජීවිත පූජාව මෙලෙස අනුස්මරණය කෙරෙනවා.
ඒ නිමිත්තෙන් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ අද සන්ධ්‍යාවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වෙනු ඇති.
මහ සිකුරාදා දිනය ලෙස මෙලෙස සැමරෙන්නේ පාස්කු ඉරිදා දිනයට පෙර එළඹෙන සිකුරාදා දිනයයි.