දශක හතරකට පසු තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය ව්‍යසනය
දශක හතරකට පසු තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය ව්‍යසනයේ අද වාර්තා වුනා.
මගී දුම්රියක් උමගක් අසලදී ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් 72 දෙනෙකු තුවාල ලැබූවා.
සංචාරකයින් සහ මගීන් රැගෙන තායිපේ සිට තායිටුන්ග් දක්වා වූ අධිවේගී දුම්රිය මගේ හුවාලියන් ප්‍රදේශයේ මේ අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුල පුද්ගලයින් 350 ක් පමණ ගමන් කළ බව එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අනතුර සැලකෙන්නේ 1981 වසරේ පුද්ගලයින් 30 ට මරු කැඳවමින් උතුරු තායිවානයේ සිදුවූ අනතුරින් පසු සිදුවූ බරපතලම අනතුර ලෙසයි.