විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුල මගී  ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,828 දෙනෙකුට ගුවන් ගමන්  පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 286,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට දායක වී ඇති බව ගුවන් තොටුපළ  කාර්යය  භාර  නිලධාරීවරයා  පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 18 කින් ගුවන් මගීන්  1,097 දෙනෙකු  කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ පැමිණි ගුවන් මගීන් අතර ඉන්දියාවේ චෙන්නායි සිට 123 දෙනකුද කටාර් රාජ්‍යය දෝහා  සිට තවත් ගුවන් මගීන් 123 දෙනෙකු ද සිටියහ .

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලුම  දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් යානා 21 කින් ගුවන් මගීන්  731 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන්  පිටත්ව ගොස් තිබුණි .

එසේ පිටත්ව ගොස්  තිබූ ගුවන් මගීන්  අතර  කටාර් රාජ්‍යයේ  දෝහා වෙත  161 දෙනකු සිටියහ .

එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ලෝකයේ විවිධ රටවල් 49 කින් පමණ විදේශීය සංචාරකයන් 208 දෙනකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ .

එමෙන්ම මෙම කාලසීමාව තුළ කිලෝ ග්රෑම් 129,000 ක් බරැති  ගුවන් භාණ්ඩ තොගයක්  ආනයන ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබූ අතර , තවත් කිලෝ ග්රැම්  157,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක්  අපනයන ලෙස විදේශ රටවල් බලා කටුනායක ගුවන්තොටුපළෙන්  රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය  භාර නිලධාරීවරයා  වැඩිදුරටත් පැවසීය.