සෞඛ්‍ය අමාත්‍යංශය ගැන, ප්‍රමිති ආයතනයට ගැටලුවක්

ආනයනික පොල් තෙල්වල පිළිකාකාරක අඩංගු වීමේ සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් වන සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අදහස් පල කළා.

මේ අතර පිළිකා කාරක අඩංගු බවට තුන්වරක්ම තහවුරු වූ පොල්තෙල් තොගය ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (02) ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස නිර්දේශ කර තිබියදී ආනයනකරුවන්ගේ ගබඩා වෙත අදාළ පොල්තෙල් මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් මතුවුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!