තේ මිලෙහි පහත වැටීමක්

පසුගිය සතියේ පැවති තේ වෙන්දේසියේදී මෙරට තේ නිෂ්පාදනවල මිල අඩුවීමක් දක්නට ලැබුණා. ඒ මාස 10 ක පමණ කාලයක් තේ මිල ඉහළ මට්ටමක පැවතීමෙන් අනතුරුවයි.

පසුගිය සතියේ තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීමද මෙලෙස තේ මිල පහත වැටීමට හේතුවක්.

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු තේ අස්වැන්නේ ප්‍රමිතිය පහත වැටීමේ ප්‍රවණතාව ද ඒ සඳහා බලපා තිබෙනවා.

මේ හේතුවෙන් බටහිර බෑවුම් වැවිල්ලේ තේ සඳහා ලැබුණ මිල කිලෝවකට රුපියල් 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් පහත වැටීම විශේෂත්වයක්. කොළඹ තේ වෙන්දේසියේදී පසුගිය සතියේදී තේ නිෂ්පාදන මිලදී ගත් රටවල් අතර ඉරානය, රුසියාව සහ නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පෙරමුණේ සිටිනවා.