මුහුණු ආවරණ කැබිනට් යෝජනාවේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් නැහැ
තමා විසින් අත්සන් තබා ඇති මුහුණු ආවරණ තහනම් කිරීම පිළිබඳ යෝජනාව කැබිනට් න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන දිනය තීරණය කරනු ලබන්නේ කැබිනට් ලේකම්වරයා විසින් බවයි.
අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණු අතරට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමක් ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.