පීඩාවට පත් තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 268 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදර, හිරිහැරවලට ලක්වීමෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 268 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.
ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.