කොරෝනා වසංගතය කඩිනමින් නිමා වනු ඇතැයි පාප් වහන්සේ අපේක්ෂාවෙන්
![](https://cdn.ceylonmirror.net/sinhala/wp-content/uploads/2021/04/04110606/640_popefrancis_2021_04_04_06_52_51.jpg)
කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ අඳුරු යුගය කඩිනමින් නිමාවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළා.
ඒ, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පාස්කු දේව මෙහෙයට එක්වෙමින්.
මීට පෙර පාස්කු දේව මෙහෙයට දසදහසක් පමණ බැතිමතුන් එක්වන අතර, කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙවර ඊට එක්ව තිබුණේ 200 දෙනෙකු පමණයි.