හිටපු ජනපතිට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොකළ යුතුයි – කාදිනල් හිමියන්

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට නීතිමය වශයෙන් ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද නොකළ යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම මගින් වරද කරුවෙකු ලෙස නම් කර සිටියදී එතුමාට විරුද්ධදව නීතිමය වශයෙන් ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද නොකළ යුතු බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.
පාස්කු ඉරු දින වෙනුවෙන් දේවස්ථාන කිහිපයක සංචාරයක නිරත වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කර සිටියා.