විවාහක රූ රැජින අවසන් තරඟයේ ගැටුමක් – කැරොලයින් ජූරි, පුෂ්පිකාගේ කිරුළ උදුරගනී ! (වීඩියෝ)

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වේ.
ඒ කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමයි.
2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මියට ඔටුණු පළඳවනු ලැබූවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි.
සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවිය.මෙම අදහසට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමිණ.