රන්ජන්ට මන්ත්රී අසුන අහිමි බව කතානායක දැනුම් දී තිබේ (Video)
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මන්ත්රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කතානායකවරයා කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායකට මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටියි.