හිටපු ජනාධිපති මෛත්‍රී ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර ගැන හොඳින් දැන සිටියා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉස්ලාම් අන්තවාදීන් සිදු කරන ප්‍රහාරය පිළිබඳ හොදින්ම දැනගෙන විදේශ ගත වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (13)පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරය රටේ නොසිටීම නිසා ප්‍රහාරය සිදු වූ බව කියා සිටි ඒ මහතා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එම ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුර හිටපු ජනාධිපවරයාට නොකියූ බව තමන් පිළිනොගන්නා බවත් කොමිසම හමුවේ කීවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම විදේශ බුද්ධි තොරතුරු පළමුව අප්‍රේල් 4 වැනි ලැබෙනවා. ජනාධිපතිතුමා රට යන්නේ අප්‍රේල් 16 වැනිදා . ආරක්ෂක ඇමැතිධූරය කාට හෝ පවරා යන්නේත් නැහැ මට මේ තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අප්‍රේල් 8 වැනි දා සවස දැනුම් දුන්නා. මම අප්‍රේල් 8 වැනි දි ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සමඟ ආරක්ෂක සමුළුවක සිටියේ. මම දැනගත් විගස තොරතුර සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළා. පියවර ගන්න කිව්වා. එදා ලැබිලා තිබ්බෙත් නිශ්චිත තොරතුරක් නොමෙයි. නිලන්තට 9 වැනිදා පැවැති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ මෙය කතා කරන්න තිබුණා. එතන ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පති හිටියා. එතන කතා කළා නම් නිශ්චිත උපදෙස් ගන්න තිබුණා. නිලන්ත ජයවර්ධන සිය ගණන් බුද්ධි වාර්ත ඉදිරිපත් කළත් ඒවා පහේ පන්තියේ ළමයෙක ලියන රචනා වගෙයි. කිසිම නිශ්චිත භාවයක් තිබුනේ නැහැ . බුද්ධි විශ්ලේෂණ කමිටුවකට යොමු කරලා හරි පරීක්ෂා කරන්න ස්වාමීනි. ඒ වගේම නිලන්ත ජයවර්ධන සෘජුවම බුද්ධි තොරතුරු දුන්නේ රාජ්‍ය නායකයාට. ඒ බව මමත් නිලන්තත් හිටපු ජනාධිපති තුමාත් දන්නවා. නිලන්ත කිසිම දවසක සහරාන් ත්‍රස්තවාදියෙක් කියලා නැහැ. ප්‍රහාරය වෙනතෙක් කිව්වෙත් අන්තවාදියෙක් කියලා. ඒ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ පිළිගත්තා යැයි ද ඒ මහතා කියා සිටියේය.